සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක් ගැන දැනුම් දෙයි
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ තරමක වැසි තත්ත්වයක් ඇති විය හැකි බැවින්, අවදානම් සහිත පාසල් පිළිබඳ තොරතුරු අදාළ ප්‍රදේශවල කලාප හා දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාල වෙත ලබාදී ඇති බව සඳහන් කරයි.
එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා දැනුම් දී ඇත්තේ, අයහපත් කාලගුණ තත්ත්ව පැවති අවස්ථාවලදී ලබාදී තිබූ උපදෙස් අනුව එම පාසල් කටයුතු කළ යුතු බවයි.
මාර්ග භාවිතා කිරීමේදී මෙන්ම පාසල් පිහිටා ඇති ස්ථාන සහ ජනතාව ගැවසෙන ප්‍රදේශ සම්බන්ධයෙන් ලබාදුන් උපදෙස් අනුගමනය කර තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියි.
මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 සිට පෙබරවාරි 26 දක්වා පැවැත්වීමට නියමිත වේ.
මේ අතර, ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (15) සිට අඩු පීඩන කලාපයක් ඇතිවීමට හැකියාව පවතින බව සඳහන් කරයි.
ඒ හේතුවෙන්, නිකුත් කරන ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිට ඇත.