රජයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ. - අදාල නීතිරීති මාලාව මෙන්න.

By Wayomi Jan 06, 2025 11:02 AM GMT
Report

විදෙස් රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ශ්‍රී ලංකාවේ පිහිටි විදේශීය දූත මණ්ඩලය සහ එතෙර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමග රජයේ අමාත්‍යාංශ සහ ආයතන පවත්වනු ලබන අන්තර් ක්‍රියා සම්බන්ධව ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව මෙම චක්‍රලේඛය අමාත්‍යංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, පළාත් ආණ්ඩුකාර ලේකම්වරු වෙත නිකුත් කර ඇත.

එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ, පසුගිය ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ නේවාසිකව සිටින තානාපතිවරු සහ දූත මණ්ඩල ප්‍රධානීන් විසින් මෙරට සංචාරයේ නිරතවන නියෝජිත කණ්ඩායම් සඳහා මෙරට අමාත්‍යවරු ප්‍රභූවරු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට සෘජුව වෙලාවක් වෙන් කර ගැනීම සිදුකරන ආකාරය සම්බන්ධව අවධානයට ලක්ව ඇති බවය.

එමෙන්ම එම ක්‍රියාව පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාපටිපාටියට පටහැනි බැවින් මින් පසු එම නියෝජිත කණ්ඩායම් සඳහා අවශ්‍ය වැඩසටහන් සම්බන්ධයෙන් විදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ සන්ධාන අංශයට ප්‍රථමව දැනුම් දිය යුතු බවත්, සන්ධාන අංශය විසින් මෙරට බලධාරීන්ගෙන් ඒ සඳහා සුදුසු වේලාවක් වෙන් කර ගැනීමේ කටයුතු සිදුකරනු ඇති බවත් සඳහන්.

මේ අතර මෙම ක්‍රියාපටිපාටිය ආණ්ඩුකාරවරු සහ පළාත් අමාත්‍යවරු විසින් අනුගමනය කළ යුතු වනු ඇති බවත් එහි දක්වා තිබෙනවා.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - චක්‍රලේඛයට අනුව සිදු වී ඇති දේ මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - චක්‍රලේඛයට අනුව සිදු වී ඇති දේ මෙන්න.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරු හෝ පළාත් අමාත්‍යවරු මුණ ගැසීම සඳහා ශ්‍රී ලංකාවේ නේවාසික තානාපතිවරු / දූත මණ්ඩල ප්‍රධානීන් විසින් ඔවුන් හෝ එම දූත මණ්ඩල කාර්ය මණ්ඩලය වෙනුවෙන් සෘජුව වෙන් කරන වේලා වෙන්කර ගැනීම් සඳහා ඉල්ලීම් විදේශ කටයුතු විභය භාර අමාත්‍යංශයේ සන්ධාන අංශයට යොමු කළ යුතු වනු ඇ.ත.

එමෙන්ම මෙරට සංචාරයේ නිරත දූත මණ්ඩලය හෝ කොළඹ නේවාසිකව සිටින තානාපතිවරු / දූත මණ්ඩල ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරිය හෝ අමාත්‍යවරු මුණ ගැසීමේදී එවැනි හමුවීම් සිදුකළ යුතු සුදුසු මට්ටම් සම්බන්ධයෙන් විදේශ කටයුතු විශය භාර අමාත්‍යාංශයේ උපදෙස් ලබා ගත යුතු වේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඇතුළු ව තානාපති කාර්යාලවල සහ මෙරට සංචාරයේ නිරත විදෙස් දූත මණ්ඩලවල පහළ මට්ටමේ තනතුරු හොබවන නිලධාරීන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරිය මුණ ගැසීම සඳහා පහසුකම් සැලසීම් සිදු නොකළ යුතු බවත් එම චක්‍රලේඛය මගින් දන්වා තිබෙනවා.

තවද අමාත්‍යාංශ, ආයතන විසින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ සබඳතා මෙන්ම විදෙස් රටවල් සම්බන්ධ කාරණා සම්බන්ධව කිසිදු ආකාරයක මාධ්‍ය ප්‍රකාශයක් විදේශ කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ ලිඛිත නිෂ්කාශනයක් නොමැතිව නිකුත් නොකළ යුතු වනවා.

කාන්තා හිංසනයෙන් බේරෙන්න පිරිමි අයටත් අංකයක්.

කාන්තා හිංසනයෙන් බේරෙන්න පිරිමි අයටත් අංකයක්.

එම සම්පූර්ණ චක්‍රලේඛය පහතින්,

මෙතැන Click කරන්න..



You May Like This Video