යුධ හමුදාපති සිදු කළ විශේෂ ප්‍රකාශය

Corona virus Covid 19 shavendra silva covid vaccsination
By Sithumi Sep 09, 2021 01:14 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට වයස 30 ට වැඩි කෝටියක පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබාදී අවසන් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

එය විශාල ජයග්‍රහණයක් බවද හෙතෙම සඳහන් කළේ‍ය. වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට ඉදිරි දෙසතියේදී එන්නත ලබාදීම සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි පැවැසූ යුද හමුදාපතිවරයා වයස අවුරුදු 20 ත් 29 ත් අතර කාණ්ඩයේ පිරිසටද දිස්ත්‍රික්ක හයකදී එන්නත්කරණය කඩිනමින් සිදුකරන බව පැවසුවේය

. මේ අතර මෙරට හාර ලක්ෂ විසි නව දහසකට කොවිඩ් මර්දන එන්නත පෙරේදා(8) ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙරට ගර්භණී කාන්තාවන් ලක්ෂයකට වැඩි පිරිසක් කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now