විශේෂ නිවේදනයක්...මේ අය අද අවධානෙන් සිටින්න
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් අද (11) දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ප්‍රකාශ කරයි.
ඒ ගම්පහ ප්‍රදේශ රැසකට බව සඳහන්.
ඒ අනුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා ඇත්තේ මෙම ජල කප්පාදුව අද පෙරවරු 8.30 සිට පස්වරු 6.30 තෙක් සිදු කිරීමට නියමිත බවයි.
අඳාළ ජල කප්පාදුව සිදු කිරීමට නියමිතව ඇත්තේ පෑලියගොඩ, වත්තල, ජාඇළ, සීදුව නගර සභා බලප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ කොටසකටයි.
එසේම එම මණ්ඩලය විසින් මෙසේ ජල කප්පාදුව සිදු කිරීමට හේතුව සඳහන් කර ඇත.
ඒ බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිත සූර්යබල විදුලි පද්ධතිය ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම් වැඩිදියුණු කිරීම වෙනුවෙන්.