ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් විශේෂ නිවේදනයක්.

Sri Lanka Information Technology Association
By Thaya Apr 11, 2021 05:30 PM GMT
Report

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. අසීමිත අන්තර්ජාල පැකේජයනුත් සේවා සපයන සමාගම් වල මාෆියාවට හසු‌වේ නවීන ලෝකයට ගැලපෙන ආකාරයෙන් අසීමිත අන්තර්ජාල භාවිතයක් සදහා ශ්‍රී ලංකාව සතු ටෙලිකොම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන අවධියක අන්තර්ජාල සේවා සපයන සමාගම් කිහිපයක් විසින් අසීමිත අන්තර්ජාල පැකේජයන් කිහිපයක් ශ්‍රී ලාංකික ජනතාව වෙත මේ වනවිට එළිදක්වා ඇත.

අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් හදුන්වා දී ඇති මෙම අසීමිත අන්තර්ජාල පැකේජයන් බොහොමයක් සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිහරණය සදහා පමණක් ඉලක්ක කරගනිමින් නිර්මාණය වූ පැකේජයන් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය හදුනාගන්නා අතර විශේෂයෙන්ම මෙම අසීමිත අන්තර්ජාල පැකේජයන් මේවන විට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි දෝෂදර්ශනයටද ලක්වෙමින් පවතී. අසීමිත අන්තර්ජාල පැකේජයන් කියා තම මාෆියාව තරකරගැනීමට කටයුතු කරන අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත අප ශි ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පළකරමු.