12-18 අතර දරුවන් සඳහා එන්නත්කරණය අරඹයි..!සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

covid19 vaccination health minister keheliya rabukwella
By Sewvandhi Sep 09, 2021 01:10 PM GMT
Sewvandhi

Sewvandhi

Report

වයස අවුරුදු 12ත් 18ත් අතර ළමුන් සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

කොවිඩ් ව්‍යසනය හේතුවෙන් වසර එක හමාරක පමණ කාලයක සිට විටින් විට පාසල් වසා දැමීමට සිදුව ඇති අතර හැකි එක්මනින් පාසල් ආරම්භ කිරීමට ළමුන් සඳහා වන එන්නත්කරණය ආරම්භ කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

දරුවන්ගේ එන්නත්කරණය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් මේවන විට නිර්ණායක කිහිපයක් පෙන්වා දී ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ළමුන් සඳහා එන්නත ලබාදීම ආරම්භ කිරීමත් සමග 7 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දරුවන්ට එන්නත්කරණය සිදු කළ හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේවන විට ගුරුවරුන් ඇතුලු පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බැවින් පාසල් ළමුන්ගේ එන්නත්කරණය අවසන් කිරීමත් සමග පාසල් යළි විවෘත කිරීමට හැකිවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙම වැඩපිළිවෙල යටතේ දරුවන් ලක්ෂ 20ක පමණ ප්‍රමාණයක් එන්නත්කරණය කිරීමට හැකිවනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියා. එමෙන්ම අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩයේ තරුණ තරුණියන්ට මේවන විට එන්නත්කරණයේ පළමු මාත්‍රාව 34%ක් ද වෙන මාත්‍රාව 12%ක් ද වශයෙන් ලබාදී ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

එම නිවේදනය පහතින්...

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery