රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හදිසි නිවේදනයක්
covid19
vaccination
health minister
GMOA
Pavithra vanniarachchi
By Sewvandhi
අවිධිමත් ලෙස සිදුවූ වෛද්‍ය පරිපාලනය සම්බන්ධ සේවා ව්‍යවස්ථාවේ සංශෝධනය නිවැරදි කිරීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය අනුමැතිය ලබාගත් කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම වෙනුවට එහි නීතිමය බාධාවන් ගැන සෙවීමට නීති අංශයට යොමු කිරීම හෙළා දකින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ එම කැබිනට් පත්‍රිකාව සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති අංශයට යොමු කිරීම එම පත්‍රිකාව ක්‍රියාත්මක වීම පමා කිරීම සඳහා ගත් උපක්‍රමයක් බවයි.
එබැවින් එය හෙළාදකින අතර අදාළ කැබිනට් පත්‍රිකාව නිවැරදි ලෙස ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියාසිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
