සංචරණ සීමා වැඩක් නෑ..චන්දිම ජීවාන්දරගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පළාත් අතර තවදුරටත් සංසරණ සීමා පවත්වාගෙන යාම තේරුමක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.
රට පුරාම පැතිරී යමින් ඇත්තේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය බවත් එනිසා කොළඹ පමණක් වසා දැමීමේ තේරුමක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
දිවයින පුරා කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල වල සිදුකරන ලද පරීක්ෂණවලදී 95% ක් ඉක්ම වූ ප්‍රමාණයක් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත වූවන් ලෙස හඳුනාගනු ලැබූ බවද පැවසූ ඔහු මේ වන විට මෙරට ප්‍රමුඛතම ප්‍රභේදය වන්නේද ඩෙල්ටා ප්‍රභේදය යයිද කියා සිටියේය.
මේ අතර, කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රුසියාවේ නිෂ්පාදිත එන්නතක් වන ස්පුට්නික් කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා රුසියාවේ නිෂ්පාදිත එන්නතක් වන ස්පුට්නික් වී එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයක දී එක් මාත්‍රාවකින් ඉතා හොඳ ප්‍රතිශක්තිකරණ හැකියාවක් ලැබෙන බව හෙලිවූයේ යැ යි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක විද්‍යා ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.
ඔහු කියා සිටින්නේ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පුද්ගලයින් 327 දෙනෙකුගෙන් සමන්විත නියැදියක් ආශ්‍රයෙන් සිදුකළ මෙම පර්යේෂණයේ දී ඔවුන් පළමු මාත්‍රාවෙන් පසුව 88.7% ප්‍රතිශක්තිකරණ හැකියාවක් සිය දේහයන් තුළ නිපදවා ගෙන තිබූ බවයි. මෙම ප්‍රතිශක්තිකරණ හැකියාව පළමු මාත්‍රාව ලබා ගෙන සති හතරකට පසු ව සිරුර තුළ ඇති වන බවයි ඔවුන් වැඩි දුරටත් නිරීක්ෂණය කර ඇත්තේ.
එමෙන්ම ස්පුට්නික් පළමු මාත්‍රාවෙන් පසු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ හැකියාව 82.6%ක් ලෙස දක්නට ලැබුණු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විශ්වවිද්‍යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වනවා. ලොව බොහෝ රටවල් මේ වනවිටත් ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා ගන්නා අතර එය ස්පුට්නික් ලයිට් වශයෙන් හැඳින්වෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ මෙම නවත ම පර්යේෂණය අනුව ඔවුන් සඳහන් කරන්නේ ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාවත් ලබා ගැනීමට හැකි නම් එය ශරීරය තුළ අතිශය උසස් මට්ටමේ ප්‍රතිදේහ ප්‍රමාණයක් නිර්මාණය කරන බවයි.
එබැවින් ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ ස්පුට්නික් වී එන්නත් එක් මාත්‍රාවක් පමණක් යහපත් ප්‍රතිශක්තිකරණයක් සඳහා ප්‍රමාණවත් වුව ද එහි දෙවෙනි මාත්‍රාවත් ලබා ගත හැකි නම් එය අතිශය වාසිදායක තත්වයක් නිර්මාණය කරන බවයි.
මෙම පර්යේෂණ කණ්ඩායමට ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකයේ මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් වන මහාචාර්ය ග්‍රැහැම් ඔග්, මහාචාර්ය ඇලයින් ටවුන්සෙන්ඩ් යන විද්‍යාඥයින් ඇතුළත් වුණ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |