ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ දැනුම්දීමක්

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බවට නිකුත් කළ නිවේදනය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.

මෙම තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම් දී ඇති අතර, එම තහනම උල්ලංඝනය කරමින් කටයුතු කළහොත් දැඩි පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.

ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉහල යන තෙල් මිල

ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉහල යන තෙල් මිල

පාරිභෝගිකයින් විසින් බූලි සහ බැරල්වලට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල්වලට ඒකරාශි වීම හේතුවෙන් අනවශ්‍ය තදබදයක් සහ පෝලිම් ඇතිවන බවට වාර්තා වී ඇත. මෙම තත්ත්වය හේතුවෙන්, ඉන්ධන සංචිත ප්‍රමාණවත්ව පවතින බව සංස්ථාව පවසන නමුත්, පාරිභෝගිකයින් අතර අනියත බියක් ඇති වීමෙන් මෙලෙස කටයුතු කර ඇති බව පෙනී යයි.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දැනුම් දී ඇති අතර, එම තහනම උල්ලංඝනය කරමින් කටයුතු කළහොත්, බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධයෙන් දැඩි විනයානුකූල පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.

සෑම ඇමරිකානුවෙකුම දැන් ටෙහෙරානයේ නීත්‍යානුකූල ඉලක්කයකි – ඉරානයෙන් දැඩි අනතුරු සංඥාවක්

සෑම ඇමරිකානුවෙකුම දැන් ටෙහෙරානයේ නීත්‍යානුකූල ඉලක්කයකි – ඉරානයෙන් දැඩි අනතුරු සංඥාවක්

සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති නොකර, පිරවුම්හල්වල තදබදය අවම කිරීමට සහයෝගය ලබාදෙන ලෙසයි.

අමෙරිකානු නාවික හමුදා නැව්වලට මිසයිල ප්‍රහාර එල්ල කළ යුතුයි – ඉරානය [UPDATE @8.

අමෙරිකානු නාවික හමුදා නැව්වලට මිසයිල ප්‍රහාර එල්ල කළ යුතුයි – ඉරානය [UPDATE @8.