සෑම ඇමරිකානුවෙකුම දැන් ටෙහෙරානයේ නීත්‍යානුකූල ඉලක්කයකි – ඉරානයෙන් දැඩි අනතුරු සංඥාවක්

Benjamin Netanyahu Iran Ayatollah Ali Khamenei Iran Nuclear Sites Israel-Iran conflict
By Shehan Jun 22, 2025 05:41 AM GMT
Shehan

Shehan

Report

ඉරානයේ ෆෝඩෝව්, නටාන්ස්, සහ ඉස්ෆහාන්හි පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එක්සත් ජනපද හමුදා විසින් එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව, මැදපෙරදිග කලාපයේ සිටින සෑම ඇමරිකානු පුරවැසියෙකු හෝ හමුදා නිලධාරියෙකු ටෙහෙරානයේ “නීත්‍යානුකූල ඉලක්ක” බවට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය අනතුරු ඇඟවීය.

ඉවසීම අවසන් ඉරානය Kheybar-Shekan මිසයිලය ඊශ්‍රාලයට මුදා හරි

ඉවසීම අවසන් ඉරානය Kheybar-Shekan මිසයිලය ඊශ්‍රාලයට මුදා හරි

ඉරානයට එල්ල කළ ප්‍රහාරයට සවුදි අරාබියෙන් ප්‍රකාශයක් අවට රටවල් වලටත් න්‍යෂ්ටික විකිරණ හානි ?

ඉරානයට එල්ල කළ ප්‍රහාරයට සවුදි අරාබියෙන් ප්‍රකාශයක් අවට රටවල් වලටත් න්‍යෂ්ටික විකිරණ හානි ?

ඉරාන රාජ්‍ය රූපවාහිනියේ සජීවී වැඩසටහනකදී නිවේදකයෙක් ප්‍රකාශ කළේ, ඉරානයේ පහසුකම්වලට බෝම්බ හෙලීමෙන් එක්සත් ජනපදය ආරම්භ කළ ගැටුම ඉරානය විසින් අවසන් කරන බවයි. “ඉරානයේ ගුවන් සීමාව උල්ලංඝනය කිරීමෙන් එක්සත් ජනපදය ඉරානයට එරෙහිව අපරාධයක් සිදුකර ඇත.

මරණට බය නැති අයතුල්ලා කමේනි අවසන් සටනට ලෑස්තිලු - තමන් මැරුණොත් නව නායකයන් නම් කරති

මරණට බය නැති අයතුල්ලා කමේනි අවසන් සටනට ලෑස්තිලු - තමන් මැරුණොත් නව නායකයන් නම් කරති

බටහිර ආසියානු කලාපයේ ඔවුන්ට ආරක්ෂිත ස්ථානයක් නොමැත. එක්සත් ජනපද ජනාධිපතිතුමනි, ඔබ මෙය ආරම්භ කළ අතර අපි එය අවසන් කරන්නෙමු,” යි එම නිවේදකයා අවධාරණය කළේය.

ඉරානයෙන් නැවතත් ඊශ්‍රායලයට ප්‍රහාරයක් මේ අවසානයද ?

ඉරානයෙන් නැවතත් ඊශ්‍රායලයට ප්‍රහාරයක් මේ අවසානයද ?

මෙම තර්ජන එල්ල වූයේ එක්සත් ජනපද හමුදාව ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ල කළ ප්‍රහාරවලින් පසුවය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟවූයේ, සාමයට එකඟ නොවන්නේ නම් ඉරානයට වඩාත් විනාශකාරී ප්‍රහාරවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

ඊයේ රාත්‍රියේ (21) එල්ල වූ මෙම ප්‍රහාරවලට අති නවීන B-2 ස්පිරිට් ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා හයක් යොදවා ඇති අතර, “බන්කර් බස්ටර්” බෝම්බ යොදා ගනිමින් ෆෝඩෝව්හි භූගත න්‍යෂ්ටික පහසුකම් ඉලක්ක කර ඇත. මෙම ප්‍රහාර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට බරපතළ හානි සිදුකර ඇති බවට විශ්ලේෂකයෝ අනතුරු ඇඟවති.

අමෙරිකානු නාවික හමුදා නැව්වලට මිසයිල ප්‍රහාර එල්ල කළ යුතුයි – ඉරානය [UPDATE @8.

අමෙරිකානු නාවික හමුදා නැව්වලට මිසයිල ප්‍රහාර එල්ල කළ යුතුයි – ඉරානය [UPDATE @8.

මෙම තත්ත්වය ඉරාන-ඊශ්‍රායල අර්බුදයේ උත්සන්න අවස්ථාවක් ලෙස සැලකෙන අතර, ඉරානයේ ඉදිරි ප්‍රතිචාර මධ්‍යම පෙරදිග කලාපයේ ආතතිය තවදුරටත් ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉහල යන තෙල් මිල

ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉහල යන තෙල් මිල

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

ReeCha