ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඉහල යන තෙල් මිල

Donald Trump Crude Oil Prices Today Latest Headlines Sinhala news Iran-Israel War
By Ashfa Jun 22, 2025 04:45 AM GMT
Ashfa

Ashfa

Report

ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් වෙත ඉතා දැඩි බෝම්බ ප්‍රහාරයකට මුලපිරීමෙන් පසු, ලෝකය තුළ උණුසුම් යුධමය තත්ත්වයකට පත්ව ඇත. නමුත් රටවල් බොහෝවිට මෙය පිළිබඳව නිශ්ශබ්දව සිටී.

මෙන්න රටවල් තෙල් නැතිවෙන නිසා කලින්ම රුසියාවෙන් තෙල් පුරවගත්ත ඉන්දියාව

මෙන්න රටවල් තෙල් නැතිවෙන නිසා කලින්ම රුසියාවෙන් තෙල් පුරවගත්ත ඉන්දියාව

ඉරානයට එල්ල කළ ප්‍රහාරයට සවුදි අරාබියෙන් ප්‍රකාශයක් අවට රටවල් වලටත් න්‍යෂ්ටික විකිරණ හානි ?

ඉරානයට එල්ල කළ ප්‍රහාරයට සවුදි අරාබියෙන් ප්‍රකාශයක් අවට රටවල් වලටත් න්‍යෂ්ටික විකිරණ හානි ?

ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බැන්ජමින් නෙතන්යාහු, ජනාධිපති ට්‍රම්ප්ට ස්තුති පළ කරමින් ඔහු පවසන්නේ, ඇමරිකාවේ ප්‍රහාරය කලින් දුන් පොරොන්දුවක් ඉෂ්ට කිරීමක් බවය. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටෙරස් මෙය දැඩිව විවේචනය කරමින්, මෙය ජාත්‍යන්තර නීතියට එරෙහිව සිදුකළ විපත්තිමය උත්සාහයක් බවත්, සාමය සඳහා සෘජු තර්ජනයක් බවත් සඳහන් කළේය.

නමුත් අනෙක් රටවල් නිශ්ශබ්දව සිටින අතර, යම් ප්‍රකාශන කිහිපයක් පමණක් ලතින් ඇමරිකාවේ රටවලින් විය. එහෙත් ශ්‍රී ලංකාව මෙයට තවමත් නිල ප්‍රතිචාරයක් දී නැත.

මරණට බය නැති අයතුල්ලා කමේනි අවසන් සටනට ලෑස්තිලු - තමන් මැරුණොත් නව නායකයන් නම් කරති

මරණට බය නැති අයතුල්ලා කමේනි අවසන් සටනට ලෑස්තිලු - තමන් මැරුණොත් නව නායකයන් නම් කරති

එහෙත් මෙය සිදුවන කාලයේදී, ඊශ්‍රායල් වෙනුවෙන් සහය පළ කරමින් ලංකාව තුළ ප්‍රචාරණාත්මක ක්‍රියාකාරකම් කිහිපයක්ද පෙන්නුම් විය. මෙම ගැටුමෙන් පසුව ලෝකයේ බොහෝ රටවල් භීතියකට ලක්ව ඇත්තේ තෙල් මිල ඉහළ යාම පිළිබඳවය.

මධ්‍යපෙරදිග ආරවුලින් පසු බරපතළ බලපෑම් ලෝක වෙළඳපොලට ඇතිවිය හැකි බැවින්, ශ්‍රී ලංකාව වැනි ආනයනික තෙල් මත රඳා සිටින රටක් සඳහා මෙය දැඩි ආර්ථික අභියෝගයක් වී ඇත.

මේ අතර පසුගිය දිනයේ රැස්වූ පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ ආකාරයට ප්‍රකාශයක් නිකුත් කිරීම මෙම අභියෝගයේ තර්ජනය පෙන්වා දෙයි.

ලෝකයම විනාශ මුඛයේ එක්සත් ජාතීන්ගේ සංගමය ට්‍රම්ප් ඉරානයට කළ ප්‍රහාරය හෙළාදකී

ලෝකයම විනාශ මුඛයේ එක්සත් ජාතීන්ගේ සංගමය ට්‍රම්ප් ඉරානයට කළ ප්‍රහාරය හෙළාදකී

'' මේ යුද්ධයෙන් අති දැවැන්ත අමානුෂික ඝාතන කරනවා.ඒ කිසිම ඝාතනයකට විරුද්ධව විශේෂයෙන්ම එක්සත් ජනපද නායකයා කිසිසේත් ඒ ගැන සළකන්නෙ නෑ. මේකෙ ප්‍රතිවිපාක තියෙනවා. අපි උනන්දු වෙනවා ඒ රටවල් දෙකේ ඉන්න අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න.

ඒවගේම මේකෙන් තෙල්මිල ඉහළ යන්න පුළුවන්. "අපිට මේ යුද්ධෙන් ඇතිවෙන මහා විශාල සමාජ ප්‍රතිවිපාක, ආර්ථික ප්‍රතිවිපාක නතර කරන්න පුළුවන්කම තියෙන්නේ ඒකාබද්ධ ප්‍රවේශයකින් විතරයි.

රටවල නායකයෝ වගකිව යුත්තන් ලෙස හැසිරෙන්න ඕනේ. අපි ස්වෛරී රාජ්‍යක් විදිහට මේ යුධ උන්මාදකරුවන්ගේ පැත්ත ගන්නෙ නැතුව මේ යුද්ධෙ නතර කරන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේ අපි කරන්න ඕනේ." යනුවෙන්

ReeCha