ගර්භනී මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්
මෙතෙක් එන්නත ලබා ගෙන නොමැති ගර්භණී මව්වරුන් කඩිනමින් එය ලබාගෙන ආරක්ෂාව සළසා ගන්නා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේද අංශයේ මාහාචාර්ය හේමන්ත සේනානායක මහතා පවසනවා
ඩෙල්ටා ප්‍රභේදය මීට පෙර පැවති ප්‍රභේදයන්ට වඩා භයානක වන අතර වෛරසය වැළඳුනහොත් තත්ත්වය බරපතල වන්නේද නැත්නම් සුළු රෝග තත්ත්වයකින් සමනය කරගන්නේ ද යන්න තීරණය වන්නේ එන්නත මඟින් බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.
එමෙන්ම, පාසල් විවෘත කරන්නේ නම් ඊට ප්‍රථම වයස අවුරුදු 12 ට වැඩි සියලු ළමුන්ට කුමන හෝ එන්නතක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. කෙසේවෙතත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, කොවිඩ් එන්නත්කරණ කටයුතු සිදුකිරීමේ දී ආරම්භයේ සිටම ප්‍රමුඛතා හඳුනාගනිමින් කටයුතු නොකළ බවය.
එහෙත් පාසල් ළමුන්ට එන්නත්කරණ කටයුතු සිදුකිරීමේදී යම්කිසි ක්‍රමවේදයක් අනුව සිදුකළ යුතු බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය. "මුල සිටම අපි දැක්කේ නෑ ප්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කරනවා. කෙසේවෙතත් අපි පාසල් ආරම්භ කරනවා නම් ඊට කලින් අනිවාර්යයෙන්ම වයස අවුරුදු 12 ට දරුවන්ට කොවිඩ් පාලනයට අවශ්‍ය එන්නතක් ලබාදීම මුලික අවශ්‍යතාවයක්.
එසේ නොමැති වුවහොත් පාසල් ආරම්භ කළ සැනින් දැනට සමාජයේ ආසාදිතයින් ඉන්න ආකාරයට පාසල් තුළට ආසාදිතයින් පැමිණිලා දරුවන් අතර පොකුරු වර්ධනය වීමේ හැකියාව තියෙනවා. දරුවන් පාසල් නොයැවීමට හා ගුරුවරුන්ට පාසල් කටයුතු සිදුනොකිරීමට සිදුවන ප්‍රවණතාවයක් තියෙනවා. එන්නත් බෙදාහැරීම හා එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාවය පිළිබඳ බිම්මට්ටමේ ජනතාව අපෙන් ප්‍රශ්න කරනවා.
අවශ්‍ය නියෝග ලබාදෙනවා නම් ඉතාම කෙටි කාලයක් තුළ සියලුම පාසල් දරුවන් සුරක්ෂිතව එන්නත්කරණය කිරීමේ කටයුතු අවසන් කරන්න පුළුවන්." මේ අතර මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (10) දිනය තුළදී පුද්ගලයින් 290,000කට අධික සංඛ්‍යාවකට එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය. ඊයේ දිනය තුළ කොවිෂීල්ඩ්, සයිනොෆාම්, ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඒ අනුව පුද්ගලයින් 290,615 දෙනෙකුට ඊයේ දිනය තුළ කොවිඩ් -19 මර්දන එන්නත් ලබාදී ඇති බව වාර්තා වේ.
සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 169,591 දෙනෙකුටත්, පළමු මාත්‍රාව 85,784 දෙනෙකුටත්, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 13,891 දෙනෙකුටත්, දෙවන මාත්‍රාව 314 දෙනෙකුටත් ලබාදී තිබුණි. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 5,690 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 1,247 දෙනෙකුටත් ලබාදී ඇති බව සඳහන් විය.
එමෙන්ම මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව 13,933 දෙනෙකුට සහ පළමු මාත්‍රාව 165 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද (11) දිනයේත් දිස්ත්‍රික්ක රැසකදී ක්‍රියාත්මක අතර වයස අවුරුදු 20ත්-29ත් අතර පසුවන්නන් එන්නත්කරණයද ප්‍රදේශ රැසකදීම සිදුවේ. ඇතැම් ස්ථානවල දිගු පෝලිම්ද දක්නට ලැබුණි. මේ අතර නිවෙස්වලටම ගොස් වයස අවුරුදු 60ට වැඩි සහ බරපතළ රෝගාබාධ සහිතව එක්තැන්ව සිටින පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ ජංගම වැඩසටහනද ක්‍රියාත්මකය.