2027 උසස් පෙළ ලියන අයට විශේෂ නිවේදනයක් - විභාගයේ මාර්ගගත අයදුම්පත් කැඳවීම ඇරඹෙයි
2027 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පළමුවර පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, රජයේ සහ පෞද්ගලික පාසල්වල 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සඳහා මෙම අයදුම්පත් කැඳවීම ජූනි 22 වැනිදා සිට ජූලි 16 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරේ.
අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා සිසුන්ට පෞද්ගලිකව අයදුම් කළ නොහැකි අතර, සියලු අයදුම්පත් අදාළ විදුහල්පතිවරුන් හෝ පාසල් ප්‍රධානීන් මගින් පමණක් යොමු කළ යුතු බව දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.
ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි
ඒ අනුව, විදුහල්පතිවරුන් සහ පෞද්ගලික පාසල් ප්‍රධානීන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි හරහා පිවිස අදාළ උපදෙස් අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් යොමු කළ යුතු වේ.
මෙම විභාගය සඳහා අයදුම් කළ හැක්කේ 2026 වසරේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සහ 2027 උසස් පෙළ විභාගයට පළමු වරට පෙනී සිටීමට නියමිත සිසුන්ට පමණි.
තවද, පෞද්ගලික පාසල් සිසුන්ගේ තොරතුරු අදාළ දත්ත පද්ධතියට ඇතුළත් කිරීමෙන් අනතුරුව ගාස්තු ගෙවීම් සිදු කළ යුතු අතර, ගාස්තු ගෙවීමෙන් පසු නව සිසුන් ඇතුළත් කිරීමට නොහැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම අයදුම්පත්‍රයේ මුද්‍රිත පිටපතක් ලබාගෙන අනාගත අවශ්‍යතා සඳහා සුරක්ෂිතව තබා ගන්නා ලෙසද අයදුම්කරුවන්ට දැනුම් දී ඇත.
වැඩිදුර තොරතුරු සඳහා විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික දුරකථන අංකය හෝ 011 2784537, 011 2786616 සහ 011 2784208 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.