එන්නත නැතොත් වැඩ කරන්න බෑ..බිරිදට පවුලට එන්නත්..? - හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..
කොරෝනා එන්නත දුන්නේ නැත්නම් එලියට බහින්න බැරි බව කිසිදු හමුදා සෙබලෙක් පවසා නැතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. දෙමාපියන්ට බිරිඳට එන්නත ලබා දිය යුතු බව හමුදාවේ කිසිවකු ඉල්ලා නැතැයිද ඔහු පැවසීය.
එන්නත් පෝලිමේ රෝද පුටුෙව් සිටිනා අයෙකු ගෙන එන ඇතැම් සෙබලුන් පවා ඇතැම් විට එන්නත් ලබා නොගත් අය විය හැකි බවද ඒ මහතා සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනි සාකච්ඡාවට එක්වෙමිනි.
මේ අතර,යුද හමුදාපතිවරයා තමන්ට එන්න අවශ්‍ය පරිදි සෞඛ්‍ය ලේකම්වරයා හරහා වසංගත රෝග විද්‍යා අංශයෙන් ලබා ගනිමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එසේ ලබා ගන්නා එන්නත් හමුදාව මගින් එන්නත්කරණයට යොදා ගන්නා බවද පැවසූ ඔහු වසංගත රෝග විද්‍යා ඒකකය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයිද ඔවුන් කියා සිටී. එම සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින් ද හේරත් මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් එන්නත්කරණය අවසන් නොකළ ඇති පසුබිමක 20-30ත් අතර අයට එන්නත්කරනය ආරම්භ කිරීම තාක්ෂණික ක්‍රමවේදයෙන් බැහැර යාමක් බවද ඔහු පැවසීය. එමෙන්ම ප්‍රමුඛතා දිස්ත්‍රික්ක තෝරාගැනීමේදී ද විශාල ගැටලුවක් ඇති වී තිබෙන බවත් හම්බන්තොට යනු ප්‍රමුඛතාව දිස්ත්‍රික්කයක් නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |