රථවාහන හිමි සියලුදෙනාට අති විශේෂ දැනුම්දීමක්..!

By Sewvandhi Dec 09, 2021 11:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රථ වාහන දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන් නව තාක්ෂණ ය සමග සම්බන්ධව නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය. ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් කොළඹ නගරය ආශ්‍රිතව රථ වාහන තදබදය අවම කිරිමේ වැඩපිළීවෙල නිරික්ෂණය කිරිමේ අවස්ථාවට ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත. යම් රියදුරෙකු විසින් කරන වැරදි සංඛ්‍යාව අනුව ඔහු රියදුරු බලපත්‍රය අහෝසි වීමේ ක්‍රමවේදයක් ද එමගින් හදුන්වා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එහිදී අදහස් පලකළ අමාත්‍ය සරත් වීරසේකර මහතා

"කොළඹ නගරයට අද වෙනකොට දිනපතා වාහන ලක්ෂ 8කට අධික ප්‍රමාණයක් එනවා. ඒ නිසා වාහන තදබදයක් ඇතිවෙනවා. ඒ සඳහා වාහන හැසිරවීමට යම්කිසි ක්‍රමවේදයක් තියෙන්න ඕන. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රථවාහන හසුරුවලා ජනතාවට අවහිරයක් නැතුව ගමනාන්තය දක්වා යන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි බලන්නේ."

"ගුවන් හමුදාවේ ඩ්‍රෝණ යානා යොදාගෙන කිලෝමීටර් 8ක් වගේ ඈත වාහන තදබදයක් තියෙනවාද බලල තදබදයක් තියෙනවා නම් ඒක කොහොමද හසුරුවන්නේ කියලා ගුවන් හමුදා මූලස්ථානය සහ පොලිස් මූලස්ථානය හරහා එකතුවෙලා වැඩකරනවා.ජනතාවගේත් ලොකු වගකීමක් තියෙනවා. කොවිඩ් 19 ත් සමඟ හැමෝම තනි වාහන භාවිතයට ගන්නවා ඒක නිසයි මේ තදබදය වැඩි වෙන්නේ. අපි ජනතාවට කියනවා වාහන වල එක්කෙනෙක් එන්නේ නැතුව දෙන්නෙක් තුන්දෙනෙක් ආවොත් ඒකත් අපිට අඩු කරගන්න පුළුවන්. මේ වාහන තදබදය නිසා ඉන්ධන විශාල ප්‍රමාණයක් දැවෙනවා. ඒකෙනුත් රටේ ආර්ථිකයට පාඩුවක් වෙනවා. අපි දන්නවා හෙට අනිද්දා වෙනකොට මේකේ යම්කිසි සැලැස්මක් අපිට හදාගන්න පුළුවන් වෙයි. "

"මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් රථවාහන හැසිරවීම සහ දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන් අපි නවීන තාක්ෂණයට යනවා. අපි දන්නවා දැන් බොහෝ වෙලාවට දඩ මුදල් ගෙවනකොට යම්කිසි ස්ථානයක යම්කිසි වැරද්දක් කළොත් දින දෙක තුනක් යනවා දඩ මුදල් ගෙවලා රියදුරු බලපත්‍රය ගන්න. ඒක නිසා තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් නැත්නම් වෙන ක්‍රමයකින් ඒ මොහොතේම විනාඩි පහක් හයක් යනකොට ඒ දඩ මුදල ගෙවල නැවත වරක් බලපත්‍රය ගන්න ක්‍රමයක් අපි සකස් කරනවා."

"අකුසලතා ක්‍රමයෙන් වෙන්නේ යම්කිසි වරදවල් සංඛ්‍යාවක් කරාට පස්සේ රියදුරු බලපත්‍රය අහෝසි වෙන එක. මේ රිය අනතුරු ගැන බැලුවම පසුගිය වසර 10 තුළ 27,000ක් ජීවිත අහිමි වෙලා තියෙනවා මාර්ග අනතුරු වලින්. මේ අවුරුද්දේ ඊයේ වෙනකොට 2000කට කිට්ටු සංඛ්‍යාවක් මියගිහින් තියෙනවා මහාමාර්ගයේ රිය අනතුරු වලින්. ඒ ඔක්කොම මාර්ග නීති උල්ලංඝනය කිරීම, බීමතින් රිය පැදවීම, මත් ද්‍රව්‍ය අරගෙන රිය පැදවීම, අධික වේගයෙන් රිය පැදවීම, මේවගේ දේවල් කරනකොට කිසිසේත්ම දඬුවමකින් සෑහීමකට පත්වෙන්න බෑ. අන්න එතකොට රියදුරු බලපත්‍රය අහෝසි වෙනවා නම් අන්න එතකොට ඔවුන් පරිස්සමෙන් කරයි. අපි හිතනවා රියදුරු යම්කිසි වරදවල් ප්‍රමාණයකට පස්සේ රියදුරු බලපත්‍රය අහෝසි වෙන ක්‍රමයක් අපි හඳුන්වා දුන්නොත් ඒකෙන් යම්කිසි රිය අනතුරු ප්‍රමාණයක් අපිට වලක්වාගන්න."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW