අද විශේෂ දුම්රිය වාර කිහිපයක් ආරම්භ වෙයි..වෙලාවන් සහ ස්ථාන මෙන්න..

Sri Lanka
By Aruna Apr 16, 2023 01:34 AM GMT
Aruna

Aruna

Report

සිංහල අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ දුම්රිය සේවා කිහිපයක් අද (16 ) උදෑසන සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන් . ජේ . ඉදිපොලගේ මහතා පවසනවා.

ඒ අනුව එම විශේෂ දුම්රිය බදුල්ල, බෙලිඅත්ත, ගාල්ල සිට කොළඹට ධාවනය කෙරෙන බවයි ඔහු කියා සිටියේ.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් උදේ 8:30ට, ගාල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 6:00 ට සහ බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 7:00ට, සවස 5:20ට සහ සවස 6:00 ට මෙම විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now