මධ්‍යම රාත්‍රියේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි..හදිසියේ ගත් තීරණය මෙන්න.

Sri Lanka Healthy ministry Keheliya rabukwella Spacial gazette issue
By Aruna Mar 28, 2022 11:00 PM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මධ්‍යම රාත්‍රියේ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අභ්‍යන්තර අක්ෂි කාච, හිස් ලෝහ ස්ටෙන්ස්, ඖෂධ ඉවත් කිරීමේ ස්ටෙන්ට්ස්, රුධිර ග්ලූකෝස් අධීක්ෂණ පද්ධති, පරීක්ෂණ තීරු සහ ස්පන්දන ඔක්සිමීටර සඳහා උපරිම සිල්ලර මිලක් සංශෝදන සහිතව නියම කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය ප්‍රකාරව යම් වෙළෙඳ නාමයකින් හෝ අනුමත නාමයකින් හෝ විස්තර කර ඇති මෙහි උපලේඛනයේ 03 වැනි තීරයේ අනුරූපී සටහනේ නිශ්චිතව දක්වා ඇති යම් නිෂ්පාදකයෙකු විසින් නිෂ්පාදනය කර ඇති උපලේඛනගත වෛද්‍ය උපකරණ යනුවෙන් සඳහන් කරනු ලබන මෙහි උපලේඛනයේ 2 වැනි තීරයේ නිශ්චිතව දක්වා ඇති වෙළෙඳ නාමයෙන් හෝ අනුමත නාමයෙන් වන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙහි උපලේඛනයේ 04 වැනි තීරයේ අනුරූපී සටහනේ නිශ්චිතව දක්වා ඇති පරිදි විය යුතු බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery