දකුණේ පාසල් සිසුන් වාර්තාවක් තබයි..

Sri Lanka Education School Southern provincial
By Aruna Sep 30, 2021 06:44 AM GMT
Aruna

Aruna

Report

2020 සාපෙළ විභාගය සදහා දකුණු පළාතේ පෙනි සිටි සිසුන්ගෙන් 31,118 දෙනෙකු සමත් වී තිබෙනවා.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා පැවසුවේ විභාගය සදහා සිසුන් 38,730 දෙනෙකු පෙනී සිටි බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් සාමාන්‍ය පෙළ විභාගය සදහා සිසුන් 16,620 දෙනෙකු පෙනි සිටි අතර, ඉන් 13,109 දෙනෙකු සමත්ව තිබෙනවා.

සිසුන් 12,241 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටි අතර ඉන් 9,928 දෙනෙකු සමත්ව ඇති බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් විභාගයට පෙනී සිටි සිසුන් 9,869 දෙනෙකුගෙන් සමත් වූ සංඛ්‍යාව 8081 ක්.

ඒ අනුව 2020 සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් දකුණු පළාතේ සිසුන්ගේ ප්‍රතිශතය සියයට 80 යි 3 යි 5 ක් වන බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා වැඩිදුරටත් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha