දකුණු කොරියාවට නව ජනාධිපතිවරයෙක්

South Korea Latest Headlines Sinhala news
By Hashini Jun 04, 2025 05:05 AM GMT
Hashini

Hashini

Report

දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ලී ජේ මියුන්ග් මෙලෙස ජයග්‍රහණය වාර්තා කළා.

ඒ ආන්දෝලනාත්මක දකුණු කොරියානු ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් බලයෙන් පහකිරීමෙන් පසුව පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුවය.

යළි රට වහනවද? නැද්ද? – ආණ්ඩුවේ තීරණාත්මක තීරණය අද

යළි රට වහනවද? නැද්ද? – ආණ්ඩුවේ තීරණාත්මක තීරණය අද

ප්‍රකාශිත ඡන්දවලින් සියයට 49.31ක වැඩි ප්‍රතිශතයක් දිනාගැනීමට ලී ජේ-මියුන්ග් සමත්වුණි.

ලී ජේ-මියුන්ග් ගේ ප්‍රතිවාදීන් ලෙස ජනාධිපතිවරණයට පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ සහ තවත් අපේක්ෂකයින් තිදෙනෙකු තරග කරනු ලැබීය.

ප්‍රතිවාදී කිම් මූන් සූ ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 41.30කි. 

අගමැති වෙනස් කිරීමේ සුදානමක් ?

අගමැති වෙනස් කිරීමේ සුදානමක් ?

ReeCha