අගමැති වෙනස් කිරීමේ සුදානමක් ?
By Hashini
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පැතිර යන පුවත් අසත්‍ය බවයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අග්‍රාමාත්‍යවරිය වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.