ශ්‍රී ලංකාව ගැන දකුණු කොරියාවෙන් දැඩි තීරණයක්
By Sewvandhi
දකුණු කොරියාව විසින් එරට පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
එරට විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ සිවිල් ජනතාව අතර පවතින නොසන්සුන්තාව මුල්කර ගනිමින් මෙලෙස තම පුරවැසියන්ට දැනුවත් කිරීමක් සිදුකරන බවයි.
ඒ අනුව අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට යාමෙන් වළකින ලෙසට කොරියානු පුරවැසියන්ට දැනුම්දී ඇති අතර මේවන විටත් ශ්‍රී ලංකාවට ගොස් ඇත්නම් ආරක්ෂිතව කටයුතු කරන ලෙසට ද ප්‍රකාශකර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |