දකුණු අප‍්‍රිකා ප්‍රභේදය ලංකාවේදී පැතිරීමේ වේගය 300%ක්..!!! ඉදිරි සති කිහිපය අතිශය භයානකයි..

vaccination Hemantha herath Rukshan Bellana delta variant covid c1.2 variant
By Sewvandhi Sep 06, 2021 01:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දකුණු අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයේ C.1.2 ප්‍රභේදය මෙරටට පැමිණියහොත් එහි පැතිරීමේ වේගය 300% ක් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය මෙන් තුන්ගුණයකින් වෛරසය පැතිරීමේ ඉඩ ඇති බැවින් වෛරසය රටට ඇතුළු වන තුරු බලා නොසිට ඊට අවශ්‍ය තීරණය වේලාසන ගත යුතුව ඇති බවයි.

ඩෙල්ටා පැතිරෙමින් පවතින විට තීරණ ක්‍රියාත්මක කළ ආකාරයට දකුණු අප්‍රිකා ප‍්‍රබේධය සඳහා ද කටයුතු කළහොත් අතිශයින් බරපතල තත්ත්වයකට රට පත්වනු ඇති බවද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

එමෙන්ම,දකුණු අප්‍රිකාවෙන් හඳුනාගැනුණු නව කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ද ඇතුළු වීමේ දැඩි අවදානමක් ඇති බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියා. පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනරාල්වරයා ඒ බව සඳහන් කළේ.

කොවිඩ් ව්‍යාප්තිය හා මරණ සම්බන්ධ ව ලැබෙන දත්තවල ගැටලු පිළිබඳ ව සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බව හා යම් ලෙසකින් දත්තවල ප්‍රමාදයක් හෝ වැරදීමක් සිදු වුවහොත් කඩිනමින් ඒවා නිවැරදි කිරීමට පියවර ගන්නා බවත් ජනරාල්වරයා අවධාරණය කරනවා.

මරණ සංඛ්‍යාව අඩු කරගැනීම සඳහා එන්නත ලබා නො ගත් සුළු පිරිස හා නිධන්ගත රෝග ඇති සියලු දෙනා කඩිනමින් එන්නත්කරණයට යොමු විය යුතු බවට යි ජනරාල්වරයා සඳහන් කරන්නේ. මෙතෙක් එන්නත ලබා නො ගත් සුළු ප්‍රතිශතයක් රට පුරා බෙදී යාම මත, අවදානම් සහගත හා සංකූලතා ඇති පිරිස මිය යන බවත්, මරණ සංඛ්‍යාව සියයට අඩුවෙන් පවත්වාගෙන යාමට ඔවුන් ව ඉක්මනින් එන්නත්කරණය සඳහා යොමු කළ යුතු බවත් වෛද්‍යවරයාගේ නිර්දේශය යි.

පවතින අවදානම සමඟ නැවත රට විවෘත කිරීමට නම් රෝගය මර්දනය කිරීමට හා කළමනාකරණය කිරීමට සුදුසු ම තීරණ හා මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව වෛද්‍යවරයා සඳහන් කළා.

එක් එක් ආයතන හා කර්මාන්ත භාර ව සිටින බලධාරින් හා සියලු ම ජනයා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ව්‍යසනකාරී තත්ත්වය පාලනය කරගැනීමට සහාය දක්වන ලෙසට ජනරාල්වරයා සියලු ම කණ්ඩායම්වලින් ඉල්ලා සිටියා.

නැවත රට විවෘත කළ ද පවතින අවදානම අඩු කරගත හැක්කේ, සෞඛ්‍ය පුරුදු තවදුරටත් අනුගමනය කරමින් හා කඩිනමින් එන්නත්කරණයට යොමු වීමෙන් පමණක් බවයි වෛද්‍යවරයාගේ විශ්වාසය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now