මැතිවරණයෙන් අමතුම ප්‍රතිඵලයක්..සූමා නැවතත් කරළියට

Nationalist Congress Party South Africa Election Presidential Update
By Piyumika Jun 01, 2024 06:16 AM GMT
Piyumika

Piyumika

Report

අප්‍රිකා ජනාධිපතිවරණයෙන්, පාර්ලිමේන්තු මැතිවරණයෙන් සහ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී අවසන් අතර කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවුණි.

ගෝල්ඩන් බෝල් වෙන්දේසිය අවහිර කිරීමේ සටනේදී මැරඩෝනාගේ උරුමක්කාරයෝ පරාජයට..

ගෝල්ඩන් බෝල් වෙන්දේසිය අවහිර කිරීමේ සටනේදී මැරඩෝනාගේ උරුමක්කාරයෝ පරාජයට..

ඒ අනුව හිටපු ජනාධිපති ජේකොබ් සූමා සහ අභිනවයෙන් පිහිටුවූ ‘එම්.කේ.’ පක්ෂය පවසා ඇත්තේ ඔවුන්ට හිතවත් සෙසු පක්ෂ හවුල් කර ගනිමින් සන්ධාන රජයක් පිහිටුවන බවයි.

1994 වසරේ, වර්ණභේදවාදය තුරන් කිරීමෙන් පසු, දකුණු අප්‍රිකාවේ බලයේ සිටියේ, අප්‍රිතානු ජාතික කොංග්‍රසයයි.

ජේකොබ් සූමා, ජනාධිපති ධුරය අහිමි වී, අප්‍රිකානු ජාතික කොංග්‍රස් පක්ෂය සමඟ මත ගැටුම් ඇති කර ගනිමින්, පක්ෂයෙන් ඉවත් වී, ‘එම්.කේ.’ පක්ෂය පිහිටුවා ගත් අතර එම පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වුණු පළමු අවස්ථාව මෙය වේ

රට පුරා ප්‍රදේශ රැසකට අදත් මහ වැසි..සුළගින් සහ අකුණු වලින් ආරක්ෂා වන්න..

රට පුරා ප්‍රදේශ රැසකට අදත් මහ වැසි..සුළගින් සහ අකුණු වලින් ආරක්ෂා වන්න..

.

මැතිවරණ ප්‍රතිඵලවලින් සියයට 50 කට වඩා නිකුත් වෙද්දී, අප්‍රිකානු ජාතික කොංග්‍රසයට දිනා ගැනීමට හැකිවූයේ සියයට 41 ක ඡන්ද ප්‍රතිශතයක් පමණය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දෙවැනි ස්ථානයට පත්වූයේ සියයට 21 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි.

සියයට 13 ක ඡන්ද ප්‍රතිශතයක් සමඟ‘එම්.කේ.’ පක්ෂය පසුවූයේ තෙවැනි ස්ථානයේය.

දෙවන පුහුණු තරගයේදී ලංකාවට ලකුණු 41ක ජයක්..

දෙවන පුහුණු තරගයේදී ලංකාවට ලකුණු 41ක ජයක්..

එසේ වුවත්, තමන්ට හිතවත් පක්ෂ හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමටත්, යළි දකුණු අප්‍රිකාවේ ජනාපධිති ධුරයට පත් වීමටත් සූමා සූදානම් වෙයි.

සූමා ට සහාය දීමට සෙසු පක්ෂද කැමැත්ත පළ කර ඇති බව වාර්තාවේ .

ReeCha