ව්‍යාපාරික පියාව ඝාතනය කළේ පුතුද? බිහිසුණු සිදුවීමේ අද සිදු වුණු දේ
ව්‍යාපාරික අලි ගුලාම් හුසේන් මහතා ව ඝාතනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඔහුගේ පුත්‍රයා තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
දැනට වසර හතරකට පමණ ඉහත දී කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ඒ මහතාව අභිරහස් ලෙස ඝාතනය කර තිබුණි. ඊට අදාළ පැමිණිල්ල අද (08) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරන්ජනී ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුකරන බවය.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනට සිදු කර තිබෙන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළේය. අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුව ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර ඉදිරි පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |