මෙන්න මේ මාර්ගයේ රථ වාහන ධාවනයට තවදුරටත් බාධා

Report

සෝමාවතිය - සුංගාවිල ප්‍රධාන මාර්ගය තවදුරටත් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය අත්හිටුවීමට පොලීසිය කටයුතු කර ඇත.

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මෙම මාර්ගය දිග්ගල ප්‍රදේශයෙන් කිලෝමීටර් 35ත් 37ත් අතර ප්‍රදේශයක් අඩි 21/2ක් පමණ තවදුරටත් ජලයෙන් යටවී තිබේ.

පොලීසිය සදහන් කරන්නේ සෝමාවතිය - සුංගාවිල මාර්ගය භාවිත කර, සෝමාවතිය පුදබිමට පැමිණීමට බලාපොරොත්තු වන ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස‍යි.

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ