යුධ හමුදා සෙබළෙකුට දිවි අහිමි කළ මාරක අනතුරක්
By Kanchana
කෑගල්ල කෙහෙල්වත්ත ප්රදේශයේ සිට දන්දෙණිය මාර්ගයේ හේනක් කන්ද ප්රදේශයේ දී ඊයේ (17) සවස සිදු වූ යතුරු පැදි අනතුරක් සිදුව තිබේ.
එහිදී පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළුකර ඇති බව කෑගල්ල පොලීසිය සදහන් කර තිබේ.
මෙම පුද්ගලයන් දෙදෙනො යතුරු පැදියකින් ගමන් කර ඇති අතර එහි දී යතුරුපැදිකරුට පාලනය කර ගත නොහැකිව යතුරුපැදිය ගසක හා ඉවුරක වැදී ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ යතුරුපැදියේ පසුපස ගමන් කල පුද්ගලයා බරපතල තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි .
ඔහු යුද හමුදාවේ හොරණ කදවුරේ සේවය සමීර ලක්රුවන් විජේසිංහ (40 ) නම් සෙබළෙකු වන අතර ඔහු වරාපිටිය ,බොස්සැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.