සමාජ මාධ්‍ය භාවිතා කරන අයට අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ..විශේෂයෙන් facebook භාවිතා කරන්නන්ටයි.
මැතිවරණ ප්‍රචාරන කටයුතු සඳහා ලබාදි තිබූ කාලසීමාවෙන් පසුව සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරන කටයුතු සිදුකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටිනවා.
ඒ සඳහා අදාළ බලධාරීන් සමඟ මේවන විට සාකච්ඡා පවත්වා ඇතිබවයි අවධාරණය කළේ.
මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන දෑ සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.