ලංකාවේ මේ අයගේ සමාජ මාධ්‍ය අවහිර කරන්න රජයෙන් සැලසුමක් - ආයේ මේ සෙල්ලම් බෑ
වයස අවුරුදු 12ට අඩු පාසල් ළමුන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමාකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.
ඒ අනුව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති බවයි.
එනම් වයස අවුරුදු 12ට අඩු ළමුන් දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට මේ වන විටත් රජය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර ඊට සමගාමීව සමාජ මාධ්‍ය ප්‍රවේශය ද තහනම් කිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
එමෙන්ම සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය සඳහන් කළේ ලෝකයේ රටවල් රැසක් පාසල් ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා නීති හඳුන්වා දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව ඇති බවයි.
එසේම ඇය පැවසුවේ ළමුන් අන්තර්ජාලය හා සම්බන්ධ වීම තුළින් සිදුවන විවිධ සදාචාර විරෝධී සිදුවිම්වල ඉහළ යාමක් මේ වන විට දක්නට ඇති බැවින් සමාජ මාධ්‍ය සඳහා සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි.
දැනටමත් ළමුන්ට එරෙහි සයිබර් අපරාධ ආමන්ත්‍රණය කිරීමට නව නීතියක් හඳුන්වාදීමට ද තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් ඉකුත් දා කැබිනට් අනුමැතිය ද හිමිව තිබෙනවා.
මේ අතර 2025 වර්ෂය තුළ පමණක් ළමුන් හා සම්බන්ධ පැමිණිලි 10,455ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇත.එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පනතට අදාළව පැමිණිලි 8,514ක් සහ එම විෂය පථයට සෘජුව අදාළ නොවන පැමිණිලි 1,941ක් ඒ අතර වේ.
ඉකුත් වසරේ ලැබුණු පැමිණිලි අතරින් ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 545ක් ලැබී ඇති අතර බරපතළ ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධ පැමිණිලි 231ක් ලැබී ඇත.
එමෙන්ම 2025 වර්ෂයේදී යොවුන් වියේ ගැබ් ගැනීම් 79ක් සිදුව ඇති අතර ගබ්සා කිරීම් 03ක් සිදුව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
මේ අතර ළමා විවාහ 9ක් සිදුව ඇති අතර ස්ත්‍රී දුෂණ 38ක් ඉකුත් වසර තුළ සිදුව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී ඇති බව සඳහන්.
ළමුන්ට එරෙහි සයිබර් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි 150ක් ලැබී තිබෙන අතර සියදිවි නසාගැනීමට තැත්කිරීම සම්බන්ධ පැමිණිලි 20ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් පවසයි.
ඊට අමතරව උප්පැන්න සහතික නොමැති දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි 42ක් ලැබී ඇති අතර අවුරුදු 5ට අඩු දරුවන් හැරදමා විදෙස් ගත වීම සම්බන්ධ පැමිණිලි 9ක් ද ඉකුත් වසරේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී තිබෙනවා.