මෙරට විශාල පිරිසකට සමාජ මාධ්‍ය තහනම් කරයි..හදිසි තීරණයක් ගනී..

Facebook Sri Lanka WhatsApp Sri Lanka Social Media
By Aruna Dec 14, 2022 04:55 AM GMT
Aruna

Aruna

Report
120 Shares

ජාතික ආරක්ෂාවට බලපාන මෙන්ම හමුදා නිලධාරීන්ගේ රහස්‍ය තොරතුරු මුදාහැරීම, අපහාසාත්මක, අසභ්‍ය, කාමුක දේශපාලනික ‌මෙන්ම කරුණු සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ මුදාහැරීම තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ පෙරේදා (12 වැනිදා) සිට බලපැවැත්වෙන පරිදියි.

යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් එල්.ඩී. හේරත් මහතා විසින් නිකුත් කර ඇති නියෝගය මගින් සියලුම යුද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන්ට මෙම දැනුවත් කිරීම කර ඇත.

සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරන්නෙකු කිසිදු හේතුවක් මත ස්වකීය නිල අනන්‍යතා සහ තොරතුරු හෙළි නොකළ යුතු බවද මෙමගින් නියෝග කර ඇත.

සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවිවල සබඳුමක් (Link) උත්පතනය කිරීම (uploading), පෝස්ට් කිරීම (Posting) එමගින් යොමු කිරීම (Forwarding) සහ බෙදාහැරීම (Sharing) තහනම් බවද දැනුම් දී තිබේ.

වාර්ගික ආගමික සුසංවාදයට හානි පමුණුවන කරුණු, කිසියම් පුද්ගලයකු හෝ සංවිධානයක් පිළිබඳ අපකීර්ති කර ප්‍රකාශ, මෙන්ම මෙරට නීතියකින් තහනම් කළ කිසියම් කරුණක් හුවමාරු කිරීමද මේ අනුව තහනම්ය.

නිල ඇඳුම හෝ හමුදා ආයතන උපකරණ පෙන්නුම් කරන පැතිකඩ ඡායාරූප (profile pictures) හෝ පසුතල ඡායාරූප (cover photo graph) ප්‍රදර්ශනයද තහනම් කර ඇත.

යුද හමුදා සාමාජිකයන්ට සමාජ ජාලා වෙබ් අඩවි මෘදුකාංග පරිශීලනයේ දී යුද්ධ හමුදා විනය හා යුද්ධ හමුදා ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීම පිළිබඳ උපදෙස් උල්ලංඝනය කිරීම ගැන සයිබර් ආරක්ෂණ ඒකකය මගින් නිරීක්ෂණය කර ඇතැයිද මෙයින් පෙන්වා දී ඇත.

ඉමෝ ලයිව්, ටික් ටොක්, ස්කයිප්, වයිබර්, වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර්, වී චැට් වැනි මෘදුකාංග භාවිතා කරමින් තම යුද හමුදා අනන්‍යතාවයන් පිළිබිඹුවන ආකාරයේ වීඩියෝ අන්තර්ජාලය වෙත මුදාහැරීමද මේ වන විට බහුලව නිරීක්ෂණය වන බවත් එය හමුදා නියෝගවලට පටහැනි බැවින් එයින් වැළකී සිටින ලෙසත් දන්වා ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now