දුම් ඇල්ලීම වහාම නවත්තන්න.. වෛද්‍යවරයෙක් ගෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)

Covid Corona Sri Lanka Ayurweda Streaming
By Aruna Sep 10, 2021 02:15 AM GMT
Aruna

Aruna

Report

කොරෝනාවට බය වෙලා ස්නායුරෝග හදාගන්න එපා!

දුම් ඇල්ලීම නිසා ස්නායු ශෛලවලට හානි සිදු විය හැකි බවත් ඒ නිසා කිසි සේත් හුමාලය ආග්‍රානය නොකරන ලෙසත් ආයුර්වේද වෛද්‍ය අභයරත්න දේවගිරි පවසනවා.

හෙතෙම මේ බව සඳහාන් කළේ ඊයේ (08) බොරැල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී. මෙහිදී කොරෝනා වෛරසය පාලනය කිරීමට හුමාලය ඇල්ලීම කොතරම් පලදායකදැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.

ශරීරයට අනවශ්‍ය උෂ්ණත්වයක් ලබා ගැනීම තුළින් ශෛලවලට මෙන්ම ස්නායු ක්‍රියා කාරීත්වයටද දැඩි හානි සිදු විය හැකි බව හෙතෙම අවධාරණය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now