නගරයක අමුතු දුමාරයක් - හුස්ම ගැනීම අපහසු වුණොත් වහාම රෝහල්ගත වන්න.. පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS)

Report

හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක දුමක් හටගෙන තිබෙනවා.

නගරයක අමුතු දුමාරයක් - හුස්ම ගැනීම අපහසු වුණොත් වහාම රෝහල්ගත වන්න.. පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS) | Smoke In Homagama Katuwana Area

ඒ බව පොලීසිය සඳහන් කළේ ය.

මේ වනවිට පවතින මීදුම් සහිත තත්ත්වයට ක්ලෝරීන් එකතුවීමක් සිදුව ඇති බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් කර්මාන්ත පුරයේ ඇති කර්මාන්ත ශාලාවල සේවකයින්ව දැනුවත් කර ඇත.

ඒ සියලුදෙනා මුඛ ආවරණ පැලඳ සේවයේ නිරත වෙන ලෙසයි.

මේ අතර හිරු එළිය නිසි ලෙස පතිත වන්නේ නම් මෙම තත්ත්වය මඟ හැරී යන බවට වාර්තා වේ.

නගරයක අමුතු දුමාරයක් - හුස්ම ගැනීම අපහසු වුණොත් වහාම රෝහල්ගත වන්න.. පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS) | Smoke In Homagama Katuwana Area

එලෙස සිදුවන තෙක් පවතින දුම සහිත ස්වභාවය හේතුවෙන් මුඛ ආවරණ නිසි ලෙස පැලඳ කටයුතු කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කළේ ය.

එමෙන්ම වැඩිදුරටත් පොලිසිය සඳහන් කළේ යම් අයෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතින්නේ නම් වහාම රෝහල්ගත වෙන ලෙසයි.

කෙසේ වෙතත්, පසුගිය අගෝස්තු මස 17 වන දින රාත්‍රියේ ද මෙම රසායනික කර්මාන්ත ශාලාවේ ගින්නක් හටගෙන ඇත.

Sponsored By Sarrita Jewellery

නගරයක අමුතු දුමාරයක් - හුස්ම ගැනීම අපහසු වුණොත් වහාම රෝහල්ගත වන්න.. පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS) | Smoke In Homagama Katuwana Area