ස්මිත්‍රි මන්දනාගේ විවාහය දෙදරයි - හේතුව මෙන්න

Report

ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා, ඉන්දියාවේ තරුණ සංගීත අධ්‍යක්ෂක සහ චිත්‍රපට අධ්‍යක්ෂක පලාෂ් මුචල් සමඟ තීන්දු වී තිබූ විවාහය අවලංගු කර තිබේ.

මෙම විශේෂ පුවත ඇය ඊයේ (07) තම සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිකුත් කළ නිවේදනයක් මගින්  තහවුරු කළාය.

මන්දනා පවසීය පසුගිය සති කිහිපය දැඩි වියවුල් සහ ගැටලුවලින් සිටි  බව ද තවද, ඇය තම පෞද්ගලිකත්වය මහත් ලෙස අගයකරන  බවත්න මුත් විවාහය අවලංගු කළ යුතු වූ මෙම තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් දැනුම්දීම අත්‍යවශ්‍ය බවත් සඳහන් කර සිටියි.

රජයෙන් ලක්ෂ 2ක දීමනාවක්

රජයෙන් ලක්ෂ 2ක දීමනාවක්

ඒ අනුව ඇය මුහුණු  පොතට එක් කෙරූ සටහන පහත දැක්වේ.

""මම මේ කාරණය මෙතැනින් අවසන් කිරීමට කැමතියි, ඔබ සැමගෙනුත් එසේම කරන ලෙස ඉල්ලා සිටිමි. මේ වෙලාවේ පවුල් දෙකේම පෞද්ගලිකත්වයට ගරු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. අපිට ඉදිරියට යන්න ඉඩ දෙන්න. අපි හැමෝටම සහ මට ඉදිරියට යන්න ලොකු අරමුණක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒක මගේ රට හැම විටම ඉහළම මට්ටමින් නියෝජනය කරනවා. හැකි තාක් කල් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරලා කුසලාන දිනා ගන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ අවධානය සදහටම තියෙන්නේ එතනයි. ඔබේ සියලු සහයෝගයට ස්තූතියි. ඉදිරියට යන්න කාලයයි,"

ඇය තවදුරටත් පැවසුවාය. මීට පෙර, මන්දනාගේ විවාහ මංගල්‍යය නොවැම්බර් 23 වන දින පැවැත්වීමට නියමිතව තිබුණත්, ඇගේ පියා වන ශ්‍රීනිවාස්ගේ හදිසි රෝගාතුරු වීම හේතුවෙන් ඇයගේ විවාහය කල් දැමීමට සිදු වූ බව දැනුම් දී තිබුණි.

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

සිය විවාහය අවලංගු වීම සම්බන්ධයෙන් පලාෂ් ද සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දීමක් සිදුකරමින් පවසා ඇත්තේ තමන්ට සිය ජීවිතයේ ඉදිරියට යාමට අවශ්‍ය බවය. එමෙන්ම සමාජ මාධ්‍යවල පැතිර යන කටකතා ද විවේචනය කර තිබේ. එමෙන්ම අසත්‍ය හා අපහාසාත්මක අන්තර්ගතයන් පතුරුවන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.