බංග්ලාදේශය පරදා පිරිමි ක්රිකට් ලෝකඩ පදක්කම ශ්රී ලංකාවට
ආසියානු ක්රීඩා උළෙල: බංග්ලාදේශය පරදා පිරිමි ක්රිකට් ලෝකඩ පදක්කම ශ්රී ලංකාවට ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් තරගාවලියේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.
ඒ, ලෝකඩ පදක්කම උදෙසා පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 63ක විශිෂ්ට ජයග්රහණයකින් පරාජයට පත් කරමිනි. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට ශ්රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 102ක් පමණි.
මෙය මෙවර ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව දිනාගත් තෙවන පදක්කම වන අතර, ඒ අනුව මේ වන විට ශ්රී ලංකාව රන්, රිදී සහ ලෝකඩ පදක්කම බැගින් දිනාගැනීමට සමත්ව සිටියි.