ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නිසා ලංකාවේ කොටස් වෙළෙඳපොළට රු. කෝටි 43,500ක් අහිමි වේ!
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය අප්‍රේල් 02 දින හඳුන්වා දුන් නව ආනයනික තීරුබදු ප්‍රතිපත්ති මේ වන විට ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති කිරීම දක්වා වර්ධනය වී තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් ලොව පුරා කොටස් වෙළෙඳපොළවල් රැසක් දැවැන්ත බිඳවැටීමකට ලක්ව ඇති අතර, ආසියානු කොටස් වෙළෙඳපොළවල් ද එහි බලපෑමෙන් තොරවූයේ නැත.
මෙම වාතාවරණය තුළ ශ්‍රී ලංකාවේ එකම කොටස් වෙළෙඳපොළ වන කොළඹ කොටස් වෙළෙඳපොළ ද ට්‍රම්ප්ගේ මෙම තීරණයෙන් බලපෑමට ලක්ව ඇති අතර, එම තීරණය ප්‍රකාශයට පත්වූ දා සිට ගනුදෙනු දින 3ක් පුරාවට දැවැන්ත පහත වැටීමක් අත්විඳ තිබේ.
පසුගිය අප්‍රේල් 02 දින ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,007.44ක් ලෙස සටහන් වූ අතර, ඊයේ (07) ගනුදෙනු අවසන් වන විට එය ඒකක 14,660.45ක් දක්වා පහත වැටී ඇත. එනම්, ගනුදෙනු දින 03 තුළ ඒකක 1,346.99කින් හෝ 8.41%කින් කොළඳ කොටස් වෙළෙඳපොළ පහත වැටී ඇත.
මේ අතර, අප්‍රේල් 02 වන විට රු. බිලියන 5,688.56ක් වූ කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම ඊයේ වන විට රු. බිලියන 5,253.18ක් දක්වා අඩුවී ඇත. එයින් අදහස් වන්නේ මෙම දින 03 තුළ රු. බිලියන 435.37ක්, එනම් රු. කෝටි 43,537ක වටිනාකමක් වෙළෙඳපොළෙන් අහිමි වී ඇති බවයි.
ඊයේ දිනයේදී පමණක් කොටස් වෙළෙඳපොළට අහිමි වූ වටිනාකම රු. බිලියන 227කි.
මෙම තත්ත්වය ආර්ථික අර්බුදයක් බවට පත්වීම දක්වා දුරදිග ගොස් තිබේ.
 
                 
                     
                                             
         
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        