ඊයේ පාසල් ගියේ නැද්ද? දිවයින පුරා පාසල් ඊයේ නොපැවැත්වීම සම්බන්ධයෙන් දැඩි අර්බුදයක්.. බරපතළ චෝදනාවක්
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා විසින් දිවයින පුරා පාසල් ඊයේ (27) දිනයේ නොපැවැත්වීමේ තීරණය ගෙන ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ විමසීමකින් තොරව බවට පැවසූ පුවතක් වාර්තා වේ.
ඒ අනුව ඔහු කියා ඇති බව සඳහන් වන්නේ පවතින කාලගුණ තත්ත්වය අදාළව පාසල් පවත්වන්නේද නැද්ද යන සම්බන්ධව කිසිදු උපදෙසක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන නොමැති බවයි.
එසේම ඊට අදාළව සාකච්ඡාවක් හෝ නොපැවැත්වූ බවත්, ඔහු පැවසූ බව සඳහන්.
ඉතා ප්රබල ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙයි - භීතියෙන් සිටින ජනතාවට වෙන දේ ගැන දැනුම්දීමක්
තවද දිවයිනේ සියලු පාසල් ඊයේ දිනයේ නොපැවැත්වීම එම දෙපාර්තමේන්තුවේ තීරණයක් නොවන බවත් ඔහු ප්රකාශ කළ බව වාර්තා වේ.
කෙසේ වුවද ඔර්නබ් සුළි කුණාටුව ක්රමයෙන් ඉන්දියාව දෙසට ගමන් කරන බැවින් දිවයිනට ඉන් ඇතිවන බලපෑම ක්රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දන්වා ඇත.