ඉතා ප්රබල ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙයි - භීතියෙන් සිටින ජනතාවට වෙන දේ ගැන දැනුම්දීමක්
අද(28) දිනය සඳහා කාලගුණ අනාවැකිය උදෑසන 5.30 ට නිකුත් කර ඇත.
එහි දැක්වෙන්නේ බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති “ඔර්නබ්” (Arnab) ඉතා ප්රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බවයි.
එසේම එහි ප්රතිඵලයක් ලෙස, ශ්රී ලංකාවේ කාලගුණ තත්ත්වය කෙරෙහි එම පද්ධතියෙන් ඇති වන බලපෑම ක්රමයෙන් අඩු වී තිබෙනවා.
එමෙන්ම බස්නාහිර, සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.
කවුද හිතුවේ මේ ලග්නවලට අද මේ තරම් වාසනාවක් තියෙනවා කියලා - හදිසි ධන ලාභ ලැබෙන සුබෙන් සුබ වෙන අද පලාපල
ඌව පළාතෙත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවලත් පස්වරු 1.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
එබැවින් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.