ශ්‍රී ලංකාවේ වයස්ගතම පියා - අවුරුදු 110ක් වූ මේනියෙල්

By Kanchana Sep 30, 2025 07:17 AM GMT
Report

ශ්‍රී ලංකාවේ වය­ස්ග­තම පියා ගාල්ලේ කර­න්දෙ­ණිය පදිංචි බොළඳ හකුරු මේනි­යල් මහතා බව ජාතික වැඩි­හිටි මහ­ලේ­කම් කාර්යා­ලය නිල වශ­යෙන් සනාථ කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්ම­සිරි මහතා පව­සයි.

ගාල්ල දිස්ත්‍රි­ක්කයේ කර­න්දෙ­ණිය ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ 95A අගු­ළු­ගල්ල ග්‍රාම නිල­ධාරි වසමෙහි එතු­මා ජීවත් වේ.

පැරණි ජාතික හැඳු­නු­ම්ප­තට අනුව මේනි­යෙල් මහතා 1915 ජුනි මාසෙ හතර වැනිදා මෙලොව උපත ලබා ඇති අතර ඔහු දැන් අවු­රුදු 110ක් වය­සැති ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යෙක් වේ.

මේනි­යෙල් මහතා දරු­වන් නව දෙනෙක්ගේ පියෙකි.

නින්ද ගැන ඔබ නොදත් කතාවක්

නින්ද ගැන ඔබ නොදත් කතාවක්

පවුලේ සමී­ප­ත­ම­යින් සඳ­හන් කළේ ඔහු වයස අවු­රුදු අනූ පහක් වෙන තුරුම ගිහි පිරිත් සජ්ඣා­ය­නා­වන්ට සහ­භාගි වුණු බවත් පාන්ද­රින්ම තම වත්ත පිටියේ වැඩට ගොස් කැත්ත උදැල්ල ගෙන ගොවිතැන හා සම්බන්ද වුණ බවයි.

එවගේම ඔහුට ලිවී­මට කිය­වී­මට හැකි­යාව ඇත. එවගේම 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යා­ප­නය ලබා තිබේ. 

ප්‍රදේ­ශවා­සීන් පවසන්නේ ඔහු නීරෝ­ගි­මත් දිවි­පෙ­වෙ­තට හේතු වන්නේ වස විසෙන් තොර      පෝෂ­ණීය ආහාර රටා­ව­කට හිමි­කම් කියන බවත් ගමේ ඕනෑම නි‍ව­සක පිරි­ත­කට දාන­ය­කට නැතු­වම බැරි අයෙක් බවයි.

අද රන් මිල වෙනස - කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න

අද රන් මිල වෙනස - කැරට් 22 රන් පවුමක නව මිල මෙන්න

වයස් ගත වුණත් කිසිදු ලෙඩක් දුකක් නොමැ­තිව නිරෝ­ගි­මත්ව සිය ජීවි­තය ගත කරන්න ඔහුට හැකියාව ලැබී ඇත.

සරල දිවි පෙවෙත එයට හේතු­ වී තිබේ. ජාතික වැඩි­හිටි මහ ලේකම් කාර්යා­ලයේ සිය­වස් දීම­නාවේ සාඩ­ම්බර හිමි­ක­රු­වෙක් වන මේනි­යෙල් මහ­තාගේ බිරිය මෙලො­වින් සමු ගත්තත් දරු මුනු­බු­රන්ගේ නොමඳ ආදරය විදිමින් සතුටින් ජීවත් වේ. ඉතිං ජේෂ්ඨ පුරවැසි මේනි­යල් මහතාණෙනි ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.. 

ඉන්ධන මිල සංශෝධනයක්

ඉන්ධන මිල සංශෝධනයක්

මේ ලග්න හිමි ඔබට ගමෙන් පිටත රැකියාවලදී වැඩි වාසි - දැන්ම ඔයාගේ ලග්න ගැන දැනගන්න

මේ ලග්න හිමි ඔබට ගමෙන් පිටත රැකියාවලදී වැඩි වාසි - දැන්ම ඔයාගේ ලග්න ගැන දැනගන්න