භයානක අනාවරණයක් - උණුසුම් කාලගුණය නිසා මානසික පීඩනය ඇතිවීමේ අවදානමක්
ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනයේ කායික වෛද්‍ය විශේෂඥ සරත් ගාමිණි ද සිල්වා පවසා ඇත්තේ පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් කායික මෙන්ම මානසික වශයෙන් බලපෑම් ඇතිවිය හැකි බවයි.
මේ අතර ඉදිරි දින 10 ක කාලය තුළත් සැලකිය යුතු වැසි තත්ත්වයක් අපේක්ෂා නොකරන බව කාලගුණ විද්‍යාඥයින් පවසයි. කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර කියා සිටියේ, මේ හේතුවෙන් ඉදිරියේදී සිරුරට දැනෙන උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බවයි.
පොලිසිය ජනතාවට දැනුම් දී ඇත්තේ පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ නිවස සිසිල්කර ගැනීම සඳහා රාත්‍රී කාලයේදී ජනෙල් විවෘත කර තබන්නේ නම් සොර සතුරන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
පොලිසිය කියා සිටියේ ආරක්ෂිත ක්‍රියාමාර්ග ලෙස ජනෙල්වල වීදුරු පමණක් විවෘත කිරීම, ග්‍රිල් පද්ධතිය ශක්තිමත් කිරීම, දොරවල් අගුලු දමා තිබීම සහ අඳුරු ස්ථානවල විදුලි පහන් දල්වා තැබීම සිදුකළ හැකි බවයි.