SkyUp ගුවන් සමාගමෙන් දැවැන්ත මෙහෙවරක් , සීත සෘතුවේ ශ්‍රී ලංකාවට සැලසුම් කළ ගමන් නිම කරයි

Report

මෝලඩෝවා සිට මත්තල බලා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කල සියළු සෘජු ගුවන් ගමන් සම්පූර්ණ කිරීමෙන් පසු SkyUp ගුවන් සමාගම සිය සීත සෘතුවට නියමිත ගුවන් ගමන් ඊයේ දින (11) නිම කර තිබේ.

2025 දෙසැම්බර් 27 වැනිදා ආරම්භ වූ මෙම ගුවන් ගමන් හරහා, මෝල්ඩෝවා සිට ඍජු ගුවන් වාර 8ක් මත්තල ගුවන්තොටුපොල බලා ක්‍රියාත්මක   වී ඇත.

තවද ඒ හරහා සංචාරකයන් 1 296 දෙනෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කර ඇති බවත් වාර්තා වී ඇත.

  ඒ අනුව, SkyUp ගුවන් සමාගමෙහි අවසාන ගුවන්යානය සංචාරකයන් 187 දෙනෙකු රැගෙන මෝල්ඩෝවා බලා ඊයේ (11) මත්තල ගුවන්තොටුපොලින් පිටත්ව ගොස් තිබේ