කිසිදු ආකාරයක ඇමතිධුර බාර ගැනීමට සූදානම් නැති බව සබජය කියයි..

By Sithumi Aug 07, 2022 04:10 PM GMT
Sithumi

Sithumi

Report

පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සදහා රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සර්ව පාක්ෂික, ඒකාබද්ධ රට ගොඩනගන වැඩපිළිවෙළක එකඟ වුවත් එහි දී කිසිදු ආකාරයක ඇමති ධුර ආදී තනතුරු බෙදා ගැනීම වැනි ඩීල්වලට එකතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ යෝජනාව වන්නේ සවිබල ගැන්වූ බලයක් සහිත විධායක පාර්ලිමේන්තු කමිටු නැවත ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එහි දී මැති ඇමතිකම් ලබාගෙන ඒ බර ජනතාවට පැටවීමක් අවශ්‍ය නොවන බවත් පාර්ලිමේන්තුවේ බලයක් සහිත කමිටු හරහා රට ගොඩනගන හොද වැඩවලට සහාය දිය හැකි බවත් සමගි ජන බලවේගයේ දැරණියගල ආසන සංවිධායක රංජිත් පොල්ගම්පල මහතාගේ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. 

 පසුගිය කාලයේ තිබූ කැදර ඇමති තනතුරු ලබා ගැනීමට යොමු නොවී රට සෞභාගය සම්පන්න රටක් බවට පත්කර ගැනීම උදෙසා පොදු වැඩපිළිවෙලකට සහාය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා කීවේය. 2019 ජනාධිපතිවර්නයේදී ජනතාව ගත් වැරදි තීරණයක් හේතුවෙන් අසාර්ථක පාලකයකු බලයට පත් වූ බවත් ඔහුගේ දුර්වල රාජ්‍ය පාලනය හේතුවෙන් මුළු රටම අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.  .

  2019 දෙසැම්බර් රට තිබු තත්ත්වයට ගෙන ඒමට වසර 5කට වැඩි කාලයක් ගත වන බවත් මාස 2න් 3න් රට ගොඩ නගන සිහින කතාවලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කළේය