සජබ ලොක්කෙක් අත්අඩංගුවට - කෝටි 50ක මැණික් ගලකට වග කියලා
වටිනාකමින් රු.කෝටි 50ක යුත් බව පවසමින් බලපත්‍රයක් නොමැතිව මැණික් ගලක් අලෙවි කිරිමට පැමිණි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරයෙකු ඇතුලු තිදෙනෙකු නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ඇති බව වාර්තා වේ.
මැණික මිලදී ගන්නා අයට වාසනාව උදාවන බව පවසමින් සැකකරුවන් තිදෙනා නුවරඑලිය ලබු කැලේ ප්‍රදේශයට පැමිණ නවාතැන්පලක රැදී සිටින බවට නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත උපාය දුතයෙකු යොදා ගනිමින් මැණික් ගල මිලදි ගැනීමට සැකකරුවන් හා ගණුදෙනු කතා කිරිමේදි රු.කෝටි 50කට අලෙවි කරන බව පැවසූ මැණික් ගල කේවල් කිරිම හමුවේ රු.ලක්ෂ 10ක මුදලකට ලබා දීමට සැකකරුවන් එකග වී ඇත.
මොවුන් මඩවල සහ වත්තේගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු (40-50) වන වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් සන්තකයේ තිබි පොලිස් භාරයට ගත් මැණික් ගල ව්‍යාජ එකක්ද නැතිනම් හොද වර්ගයේ මැණික් ගලක්ද යන බව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්ථාවක් ලබා ගැනීමටද නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් පියවර ගෙන ඇත.
මැණික් ගල් විකිණීම සදහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් නිසි අවසර පත්‍රයක් ලබා ගත යුතු අතර, සැකකරුවන් සතුව නොතිබූ නිසා සැකකරුවන් තිදෙනා නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණවෙත ඉදිරිපත් කරන බවයි නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් කියා සිටියේ.