විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම් පත් කරයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය පත් කරනු ලැබ තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහත්මිය වෙත භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය මීට පෙර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස ද කටයුතු කර ඇත.

“රැකියා 500කට අයදුම්පත් 17,000ක් ඇවිල්ලා” - රජයේ රැකියා සොයන පිරිස ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

“රැකියා 500කට අයදුම්පත් 17,000ක් ඇවිල්ලා” - රජයේ රැකියා සොයන පිරිස ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

ආචාර්ය නන්දා මාලිනීගේ ගීත වාණිජමය ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට එරෙහිව නීතිමය පියවර

ආචාර්ය නන්දා මාලිනීගේ ගීත වාණිජමය ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට එරෙහිව නීතිමය පියවර