රටේ තැන තැන මාරක අනතුරු හයක්, පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට

Report

ගෙවී ගිය පැය 24 තුළ මාරාන්තික රිය අනතුරු 6ක් සිදුව කාන්තාවන් දෙදෙනකු සහ පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පොලීසිය වාර්තා කළේ බුලත්සිංහල, කොලොන්න, ලුණුගම්වෙහෙර , බොරැල්ල, හබරාදූව සහ හබ්බේගමුව පොලිස් වසම්වල මෙම අනතුර සිදුව ඇති බවයි.

ඒ අනුව බේස්ලයින් මාර්ගයේ බන්ධනාගාර හන්දිය අසලදී දෙමටගොඩ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේදී එම යතුරු පැදියේ ගැටී අනතුරක් සිදුව ඇත.

වන්දනා නඩයක් රැගත් වෑන් රියක් ගසක ගැටී විශාල අනතුරක්, 11කට තුවාල

වන්දනා නඩයක් රැගත් වෑන් රියක් ගසක ගැටී විශාල අනතුරක්, 11කට තුවාල

එහිදී යතුරු පැදියේ ගැටී වයස අවුරුදු 25 ක් වූ මස්කෙළිය ප්‍රදේශයේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

එසේම ඊයෙ අළුයම් කාලයේ කොලොන්න පොලිස් වසමේ අලිවාඩිය වලකඩ අතුරු මාර්ගයේ දි මෙම අනතුර සිදු වු බවත් රියදුරු හා පසුපස ගමන් කල කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කොලොන්න රෝහලට ඇතුලත් කිරීමේදී එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මේ අතර ලුණුගම්වෙහෙර පොලිස් වසමේ මොණරාගල මාතර මාර්ගයේ 70 පාර හන්දිය අසලදී ලුණුගම් වෙහෙර දෙසට ධාවනය වූ බස් රථයක් යතුරු පැදියකට ඉස්සර කිරීමට යාමේදී එම යතුරු පැදියේ ගැටී වයස අවුරුදු 50ක් වයසැති පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම මාරාන්තික අනතුරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන බව පොලිසිය පවසයි.

සුඛෝභෝගී මෝටර් රථයක් ජාලියගොඩදි පෙරළෙයි, පදවපු වෛද්‍යවරයා රෝහලට

සුඛෝභෝගී මෝටර් රථයක් ජාලියගොඩදි පෙරළෙයි, පදවපු වෛද්‍යවරයා රෝහලට

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න