ලොවක් ආදරය කළ සුප්‍රකට නළු තරුවක් දිවි ගමනින් සමු ගෙන [PHOTOS]
අමෙරිකාවේ රංගන ශිල්පියෙක් වන ජෝන් ක්‍රිස්ටෝපර් ජෝන්ස් මියගොස් ඇත. ඒ අනුව මියයන විට ඔහු 77 හැවිරිදි වියේ පසුවූ බව සඳහන්.
ඔහු රංගනයෙන් දායක වූ නාට්‍ය අතර Hurlyburly, The Goodbye Girl, The Iceman Cometh, සහ Beauty and the Beast වැනි නාට්‍ය ජනප්‍රියත්වයට පත්ව ඇත.
ඊට අමතරව ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ, ජෝන්ස් වේදිකා නාට්‍ය ගණනාවකට පෙනී සිට ඇත. ඒ අතර, නිව් යෝර්ක්හි ක්ලැසික් ස්ටේජ් සමාගම, සෙන්ට්‍රල් පාර්ක්හි නිව් යෝර්ක් ෂේක්ස්පියර් උළෙල, සහ ලින්කන් සෙන්ටර් ඇතුළු රංග කණ්ඩායම් සඳහා ෂේක්ස්පියර් නාට්‍ය 25කට අධික සංඛ්‍යාවක විවිධ චරිත නිරූපණය කර තිබෙන බව වාර්තා වේ.
තවද ඔහු විවිධ චිත්‍රපට සහ රූපවාහිනී නාට්‍යවලට ද රංගනයෙන් දායක වී ඇත.
කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බර් 20 වන දින ජෝන්ස්ගේ බිරිඳවන මේරිබෙත් කූඩල්, ඔහුගේ අභාවය සමාජ මාධ්‍ය හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔහු "ඔහුගේ පවුල සමග සාමකාමීව අවසන් හුස්ම හෙළූ" බව කියා තිබෙන බව වාර්තා වුණා.
එසේම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජෝන්ස් පාකින්සන් රෝගයේ සංකූලතා නිසා මිය ගිය බවද ඇය සඳහන් කර ඇති බවයි.



