ක්‍රිකට් ගහන්න ගිහින් කට තියන් ඉන්න බැරුව යුද්දේ ගැන කතා කරලා දැන් ICC යෙන් සොරි තමයි

Report

ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගයෙන් පසු 'පහල්ගම්' ප්‍රහාරය ගැන අදහස් දැක්වීම හේතුවෙන් ICCය දඩ නියමකර ඇත.

සුපිරියිනේ - බලන්නකෝ අපේ ජනපති කාවද හමුවෙලා තියෙන්නේ කියලා

සුපිරියිනේ - බලන්නකෝ අපේ ජනපති කාවද හමුවෙලා තියෙන්නේ කියලා

එම දඩය ඔහුගේ තරග ගාස්තුවෙන් 30%ක දඩයක් වන අතර පසුගිය 14 වනදා පැවති තරගයෙන් පාකිස්තානය කඩුලු 7කින් පරාජය කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

එහිදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් තරගයෙන් පසුව මාධ්‍ය සාකච්චාවේදී පවසා ඇත්තේ තරගයේ ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට පුද කරන බවයි. වැඩිදුරටත් පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල් සමග බේදාගන්නා බවත් ඔහු සදහන් කිරීමෙන් අනතුරුව පාකිස්තානය එම ප්‍රකාශයට එරෙහිව ICCයට පැමිණිළි කර ඇත.

පසුව ICC තරග තීරක රිචී රිචඩ්සන්ගේ ප්‍රධානත්වයෙන් පරික්ෂනයක් පවත්වා අදාල දඩය ලබා දී ඇති අතර එම දඬුවමට විරුද්ධව ඉන්දියාව ද අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

ගෑස් මිල 7,500 දක්වා ඉහළට! කෝප් කමිටුවේදී දැවැන්ත දූෂණ හෙළිදරව් වෙයි

ගෑස් මිල 7,500 දක්වා ඉහළට! කෝප් කමිටුවේදී දැවැන්ත දූෂණ හෙළිදරව් වෙයි

හෙට (28) පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් පසුව තරග ගාස්තුවට අමතරව වෙනත් දඬුවමක් පනවනවාද යන්න පිළිබඳ අවසන් තීරණයක් ලබා දෙයි.

තරගවලියේ අතරතුරදී යළි දේශපාලනික අර්ථ දැක්වීම් හැඟවෙන කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙසද ඔහුට දන්වා ඇති අතර පහල්ගම් ප්‍රහාරය මුල්කරගනිමින් ඉන්දීය කණ්ඩායම කාසියේ වාසිය උරාගා බැගීමේ සිට තරගය අවසන්වීම දක්වා කිසිදු අවස්ථාවදී පාකිස්තාන ක්‍රීඩකයින් සමග සාම්ප්‍රදායික අතට අත දීමෙන්ද වැළකී සිටියේය.

වන්දනා නඩයක් රැගත් වෑන් රියක් ගසක ගැටී විශාල අනතුරක්, 11කට තුවාල

වන්දනා නඩයක් රැගත් වෑන් රියක් ගසක ගැටී විශාල අනතුරක්, 11කට තුවාල

ඉන්දියාවේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ඉකුත් අප්‍රේල් මස ඉස්ලාමීය බෙදුම්වාදී කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර මෙම ප්‍රහාරය පිටුපස පාකිස්තානය සිටින බවට ඉන්දියාව චෝදනා කළේය.

ඒ හේතුවෙන් එම රටවල් දෙක අතර වෙඩි හුවමාරු කිහිපයක් සිදු වූ අතර, යුද්ධයක්ද ඇතිවීමට ගොස් අවසන් මෙහොතේ දෙරටම නිහඬ විය.