සුඛෝභෝගී මෝටර් රථයක් ජාලියගොඩදි පෙරළෙයි, පදවපු වෛද්‍යවරයා රෝහලට
වෛද්‍යවරයෙකු පැදවූ සුඛෝභෝගී මෝටර් රථයක් පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී පෙරළීයාමෙන් එහි සිටි වෛද්‍යවරයා රෝහල් ගත කළ බව පිළියන්දල පොලිසිය ප්‍රකාශ කළා.
ඒ අනුව සිදුවූ මෙම අනතුරින් වෙළඳසැල් දෙකක ඉදිරිපස කොටසට බරපතළ ලෙස හානි සිදුව තිබෙනවා.
පොලීසිය පවසන ආකාරයට අනතුර සිදුව ඇත්තේ වෛද්‍යවරයා පිළියන්දල දෙස සිට කොළඹ දෙසට මෝටර් රථය ධාවනය කිරීමේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ගොස් වෙළඳසැල්වල ගැටී වට කීපයක් කැරකී පෙරළීමෙන්.
එම අවස්ථාවේදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍යවරයා රෝහල්ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව ඔහුව පිළියන්දල දිසාරෝහල වෙත ඇතුලත් කර ඇත. අධික වර්ෂාව නිසා ලිස්සා යාම මෙම අනතුරට හේතුවන්නට ඇති බවට පොලිසිය සැක පළකරයි.
කෙසේ වෙතත් අනතුර සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වන බව පවසයි.