සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවාගැනීමේ විභාගය තනිකරම වංචාවක්,පොලිස් ලොක්කෝ 170ක් නඩු දාලා

Report

ඉකුත්දා පැවති සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවාගැනීමේ විභාගය පිළිබඳව පැන නැඟුණු ගැටළු නිසා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 170 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් (3ක්) ගොනු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් මෙසේ පෙත්සම් ගොනු කර ඇති මෙම පෙත්සම්වල ප්‍රධාන අරමුණ වන්නේ අදාළ විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට අධිකරණ තීන්දුවක් ලබා ගැනීමයි.

ගෑස් මිල 7,500 දක්වා ඉහළට! කෝප් කමිටුවේදී දැවැන්ත දූෂණ හෙළිදරව් වෙයි

ගෑස් මිල 7,500 දක්වා ඉහළට! කෝප් කමිටුවේදී දැවැන්ත දූෂණ හෙළිදරව් වෙයි

ඒ අනුව උසස්වීම් ලබා දීමට පවත්වන ලද සීමිත තරග විභාගය පිළිබඳව පෙත්සම්කරුවන් විසින් කරුණු කිහිපයක් පෙන්වා දී තිබෙනවා.

එහිදී විභාගයේ ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට තොරතුරු හෙළි වී ඇත.

එසේම විභාග ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම හිතාමතා සිදුකළ ක්‍රියාවක් බවට චෝදනා එල්ල වන බව සඳහන්.

මින් පෙරත් ජ්‍යෙෂ්ඨත්වය මත උසස්වීම් සිදු කළ තිබුණද මෙවර කිසිදු වෘත්තීය සුදුසුකමක් සැලකිල්ලට නොගෙන, ශාස්ත්‍රීය සුදුසුකම් මත පමණක් උසස්වීම් ලබා දී ඇති බව පවසයි.

ඒ අනුව මෙම විභාගයේදී විවිධ අක්‍රමිකතා සිදුවී ඇති බවට ඔවුන් චෝදනා කරයි. මෙකී කාරණා පදනම් කර ගෙන අදාළ විභාගයේ ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලයි.

ඒ අනුව අඳාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, උසස්වීම් ලද නව සහකාර පොලිස් අධිකාරීවරුන් සහ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් නම් කර ඇත.

කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලෙට හොරු පැනලා හොද සුද්දයක් දීලා වගේ

කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලෙට හොරු පැනලා හොද සුද්දයක් දීලා වගේ

අද මේ ලග්නවල අය පරිස්සම් නොවුණොත් වැඩ වරදී, ඉවසීමෙන් වැඩ කරන්න

අද මේ ලග්නවල අය පරිස්සම් නොවුණොත් වැඩ වරදී, ඉවසීමෙන් වැඩ කරන්න