අදින් ඇරඹෙන ජනපතිගේ ජපානයේ නිල සංචාරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ නිල සංචාරය අද (27) දින ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ ජපන් රජය මඟින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට එළඹෙන 30 වන දින දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බවයි.
එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක, ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතව ඇත.
එමෙන්ම ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය ලෙස වැදගත් කරුණු ගණනාවක් පිළිබද අවධාරණය කෙරෙන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සඳහන්.
එසේම මෙහිදී ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ අයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිතිවරයා විසින් ඇමතීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.
ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ 'එක්ස්පෝ 2025 ඔසාකා' ප්‍රදර්ශනය සඳහා ද ජපන් රජයේ ආරාධිතයෙකු වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි වනු ඇති බවයි.
පසුගිය දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා එහි සිට මෙම ජපාන සංචාරය සිදුකරනු ලැබුවා.