රටේ සියලුම බදු ගෙවන්නන්ට විශේෂ නිවේදනයක්

Report

2024/2025 තක්සේරු වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම් ලබන සැප්තැම්බර් 30 වන දින හෝ ඊට පෙර සිදුකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් සියලුම බදු ගෙවන්නන්ට දැනුවත් කිරීමක් සිදු කර ඇත.

ඒ අනුව මෙම නියෝගය පුද්ගලයන්ට අමතරව සමාගම්, සංස්ථා, හවුල් ව්‍යපාර සහ අනෙකුත් ලියාපදිංචි ආයතන සඳහා අදාළ වන බව සඳහන්.

තවද ගෙවීම් පත්‍රිකා ලැබෙන තුරු බලාගෙන නොසිට අඳාළ බදු මුදල මාර්ගගත බදු ගෙවීම් පහසුකම (OTPP) මගින් ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් සිදුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුවත් කරයි.

එසේම ප්‍රමාදයන් හෝ අතපසු වූ ගෙවීම් වෙනුවෙන් පොලී සහ දඩ මුදල් අයකරන බව සඳහන් කරමින්, භෞතික ගෙවීම් පත්‍රිකා වෙනුවෙන් රැඳී නොසිටින ලෙසද දන්වා ඇත.

ඊට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දැනුම් දී ඇත්තේ බදු නොගෙවීම හෝ ප්‍රමාදවී ගෙවීම්වලට අඳාළ ලෙස පනවනු ලබන දඩ සහ පොළී කිසිදුවිටක ඉවත්කිරීම හෝ අඩු කිරීම සිදු නොකරන බවයි.

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

කළමනාකරණ සේවා නිලධාරි III ශ්‍රේණියේ විභාගය ගැන විශේෂ නිවේදනයක්

කළමනාකරණ සේවා නිලධාරි III ශ්‍රේණියේ විභාගය ගැන විශේෂ නිවේදනයක්

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

රටේ සියලුම බදු ගෙවන්නන්ට විශේෂ නිවේදනයක් | Special Notice To All Taxpayers In The Country