දරුණු විරෝධතාවක් පොලිස් බල ඇණි කැදවයි කට්ටියක් රෝහලේ
ඊයේ රාත්රියේ මන්නාරම් ප්රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් වාර්තා වී ඇත.
එයට හේතුව මන්නාරම් ප්රදේශයේ ඉදිකරන සුළං බලාගාර සඳහා භාණ්ඩ ගෙන යාමේදී ප්රදේශවාසීන් දැක්වූ විරුද්ධතාවයක් හේතුවෙනි.
සුළං බලාගාර ටර්බයින හා අනෙකුත් උපකරණ මන්නාරම නගරයට රැගෙන නොඑන ලෙසට ඉල්ලීම් කරමින් ජනතාව විරෝධතාවල නිරත වූ බව සදහන්ය.
එහිදී ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා අතිරේක පොලිස් බල ඇණි කැඳවීමට සිදු වූ බව වාර්තා වේ.
එහිදී ඇති වූ කලහකාරී උණුසුම් තත්ත්වය මත තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල් ගත කිරීමට සිදුව ඇති බවද වාර්තා වේ.